Radical Sri LankaIDEAS | MEDIA | IMPACTනවතම පුවත් පූරණය වෙමින්...
ප්‍රධාන අන්තර්ගතයට යන්න
IDEAS | MEDIA | IMPACT2026 නොවැම්බර් 28
Radical Sri LankaRadical Sri Lanka

83 ‘කළු ජූලිය’ ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

1983 ‘කළු ජූලිය’ ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමට සාමාජිකයන් 11කින් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරයි.

සංස්කාරක මණ්ඩලය
මිනිත්තු 1ක කියවීමක්WhatsAppFacebook
83 ‘කළු ජූලිය’
83 ‘කළු ජූලිය’

1983 ‘කළු ජූලිය’ ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 11කින් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

‘කළු ජූලිය’ සිදුවීමෙන් වූ බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබද සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ කාරක සභාව මගින් සිදුකෙරෙන බවයි කථානයකවරයා මෙහිදී සඳහන් කළේ.

පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෙසේයි.

නීතිඥ හර්ෂණ නානායක්කාර (අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය)

එරංග ගුණසේකර (නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය)

මුනීර් මුලාෆර් (ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය)

පා.ම. මනෝ ගනේෂන් (සමගි ජන බලවේගය)

පා.ම. අමිර්තනාදන් අඩෛක්කලනාදන් (ජනනායක තමිළ් තේසිය කූට්ටනි)

පා.ම. ඥානමුත්තු ශ්‍රීනේසන් (ඉලංකෙයි තමිල් අරසු කච්චි)

පා.ම. ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි (ජාතික ජන බලවේගය)

පා.ම. තනුර දිනානායක (ජාතික ජන බලවේගය)

පා.ම. සේන නානායක්කාර (ජාතික ජන බලවේගය)

පා.ම. සුරංග රත්නායක (සමගි ජන බලවේගය)

හිරුණි විජේසිංහ ජාතික ජන බලවේගය

#කළු ජූලිය#සරෝජා පෝල්රාජ්#පාර්ලිමේන්තු#Radical Sri Lanka

ආශ්‍රිත පුවත්