Radical Sri LankaIDEAS | MEDIA | IMPACTනවතම පුවත් පූරණය වෙමින්...
ප්‍රධාන අන්තර්ගතයට යන්න
IDEAS | MEDIA | IMPACT2026 නොවැම්බර් 23
Radical Sri LankaRadical Sri Lanka

යුක්‍රේනය සම්බන්ධයෙන් ගත් කල, පුටින් ඇමරිකාවේ මිතුරෙක් නොවේ

යුක්‍රේනය සම්බන්ධයෙන් ගත් කල, පුටින් ඇමරිකාවේ මිතුරෙක් නොවෙන බව එක්සත් ජනපද ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේ ක්ලේටන් පවසනවා.

සංස්කාරක මණ්ඩලය
මිනිත්තු 1ක කියවීමක්WhatsAppFacebook

යුක්‍රේනය සම්බන්ධයෙන් ගත් කල, පුටින් ඇමරිකාවේ මිතුරෙක් නොවෙන බව එක්සත් ජනපද ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේ ක්ලේටන් පවසනවා.

පසුගියදා චීනයේ පැවති සමුළුවක් අතරතුර ට්‍රම්ප් රුසියානු ජනපති පුටින්ව තම මිතුරෙකු ලෙස හදුන්වා දුන්නා.

නමුත් සිකුරාදා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී, රුසියානු ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ මිතුරෙකු යැයි තමන් සලසන්නේද යන්න පිළිබඳව පිළිතුරු දීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළා.

තමන්ට “ඇමරිකාව වෙනුවෙන් කතා කළ නොහැකි” බවයි ට්‍රම්ල් පැවසුවේ.

ඒ අනුව මාධ්‍යවේදීන් “ව්ලැඩිමීර් පුටින් ඇමරිකාවේ මිතුරෙක්ද? මොකද ට්‍රම්ප් කිව්වා ඔහුට ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ කියලා,” යැයි ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේ ක්ලේටන්ගෙන් විමසුවා.

එහිදී යුක්‍රේනය සම්බන්ධයෙන් ගත් කල, පුටින් ඇමරිකාවේ මිතුරෙක් නොවෙන බව ඔහු සදහන් කළා.

රුසියානු ජනාධිපතිවරයා ගැන සඳහන් කරමින් ක්ලේටන් පැවසුවේ “කොහෙත්ම නැහැ.” යනුවෙන්.

ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේ ක්ලේටන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පවතින සබඳතාව විස්තර කිරීමේදී ජනාධිපති ට්‍රම්ප් “මිතුරා” යන වචනය භාවිතා කිරීම සාධාරණීකරණය කළ නමුත්, එම නායකයන් දෙදෙනා අතර පවතින පෞද්ගලික සබඳතාව සහ රටවල් දෙක අතර පවතින සබඳතාව එකිනෙකින් වෙන් කර දක්වා සිටියා.

#USIntelligence#Putin#Ukraine#Trump#RadicalSriLanka

ආශ්‍රිත පුවත්