පාසල් සිසුන්ට පාවහන් තිළිණපත් ලබාදීමේ ක්‍රමවේදය ගැන දැනුම්දීමක්
පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලබන වසර සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීල් මාතාවන් වෙත පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රමවේද දෙකක් යටතේ පාවහන් ලබාදීමට නියමිතයි.
ඒ අනුව, මධ්‍යම, උතුර, උතුරු මැද සහ ඌව යන පළාත් හතරේ පාසල් සිසුන්ට තමන්ට ලැබෙන තිළිණපත් මගින් විවෘත වෙළඳපොළෙන් පාවහන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනවා.
බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් පහේ පාසල් සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් පාසලටම පැමිණ පාවහන් ලබාදීමට නියමිතයි.
#footwear#vouchers#school#education ministry#Radical Sri Lanka





