දැවැන්ත රුසියානු ප්‍රහාර මාලාවකින් යුක්‍රේන අගනුවර පාලම් තුනකට හානි
උපායමාර්ගික වශයෙන් වැදගත් ක්‍රිමියානු පාලමට යුක්‍රේනය විසින් දැඩි හානි සිදු කර දින කිහිපයකට පසු, රුසියාව විසින් රාත්‍රී කාලයේ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකදී කිව්හි පාලම් තුනක් ඉලක්ක කර තිබෙනවා.

උපායමාර්ගික වශයෙන් වැදගත් ක්‍රිමියානු පාලමට යුක්‍රේනය විසින් දැඩි හානි සිදු කර දින කිහිපයකට පසු, රුසියාව විසින් රාත්‍රී කාලයේ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකදී කිව්හි පාලම් තුනක් ඉලක්ක කර තිබෙනවා.
ඩිනිප්‍රෝ (Dnipro) ගඟ හරහා ඇති පාලම් තුනකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වූ බවත්, ඉන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලැබූ බවත් එම නගරයේ නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ (Vitali Klitschko) පැවසුවා.
රුසියාව සහ අත්පත් කරගත් අර්ධද්වීපය එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ක්‍රෙම්ලිනය විසින් ඉදිකරන ලද ක්‍රිමියානු පාලමේ කොටසක්, මෙම සතිය මුලදී යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාරයකින් පසු කඩා වැටුණා.
යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරය සූදානම් කිරීම සඳහා සති ගණනාවක් ගත වූ බවයි.
පසුගිය රාත්‍රියේ ප්‍රහාරයට ලක් වූ කිව් (Kyiv) නගරයේ පාලම් තුන වන්නේ Podilsko-Voskresensky පාලම, Darnytskyi පාලම සහ දකුණු පාලමයි (Southern bridge).
මෙ පාලම් තුන මේ වන විට වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා.
මෙම තත්ත්වය, මෙම සතිය මුලදී පාලම් ඉලක්ක කර එල්ල වූ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඇති වූ බාධා තවදුරටත් උග්‍ර කර තිබෙනවා.



