ලෝකප්‍රකට වෙබ් අඩවියක් 2019 වසරේ හොඳම සංචාරක පාරාදීසය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

Lonely planet වෙබ් අඩවිය මඟින් සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව 2019 වසරේ දී සංචාරකයන් තෝරාගත යුතු හොඳම සහ නිස්කලංක රටවල් 10 තුළට ශ්‍රී ලංකාව ද පැමිණ තිබෙනවා.

එහි පළමු තැන ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර පහත දැක්වෙන්නේ Lonely planet වෙබ් අඩවිය 2019 වසර වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ හොඳම රටවල් 10යි.
01. ශ්‍රී ලකාව
02. ජර්මනිය
03. සිම්බාබ්වේ
04. පැනමා
05. කජිකිස්ථාන්
06. ජෝර්දානය
07. ඉන්දුනීසියාව
08. බෙලරූස්
09. සාඔටෝම්
10. බැලීස් රාජ්‍යය
ඒ ඒ රටවලට හිමි විශේෂතා ද සඳහන් කරමින් අදාළ වාර්තාව Lonely planet වෙබ් අඩවියේ දක්වා තිබුණා.
එම වාර්තාවට අනුව 2019 වසරේ සංචාරක ගමනාන්ත ලෙස හොඳම නගර 10ක් ද ඔවුන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
01. ඩෙන්මාර්කයේ කොපර්න් හේගන්
02. චීනයේ ෂෙන්ජෙන්
03. සර්බියාවේ නොවසාද්
04. එක්සත් ජනපදයේ නියාමි
05. නේපාලයේ කත්මණ්ඩු
06. මෙක්සිකෝවේ මෙක්සිකෝ අගනුවර
07. සෙනගාලයේ ඩකා
08. එක්සත් රාජධානියේ සියැටල්
09. ක්‍රොයේෂියා සාදාර්
10. මොරොක්කෝවේ මික්නීස්
2019 වසරේ දී සංචාරය කළ හැකි හොඳම රටවල් 10 අතරට නම් කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් Lonely planet සංචාරක වෙබ් අඩවිය මෙවැනි සටහනක් එක්කර තිබුණා .
44563773_490828724769985_8256570715227029504_n
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ස්ථාන අළලා Lonely planet වෙබ් අඩවිය පහත දැක්වෙන අපූරු විඩියොවද ඇතුළත් කර තිබුණා.
Lonely planet වෙබ් අඩවිය සහ සඟරාව 1972 වසරේ සිට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සහ සමීක්ෂණ වල නිරත ආයතනයක්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි මුලස්ථානය පිහිටා ඇති Lonely planet ආයතනය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන නියෝජිත ආයතනයක් ලෙසද කටයුතු කරනවා.
ලෝකයේ වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ පළමු 3500ට ඇතුළත්ව පවතින වෙබ් අඩවියක් ලෙසද Lonely planet හඳුන්වා දිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest