කැලිෆෝනියා: දිලිසෙන නිල් පැහැයෙන් දිස් වූ මුහුදු රළ පෙළ

කැලිෆෝනියා: දිලිසෙන නිල් පැහැයෙන් දිස් වූ මුහුදු රළ පෙළ

පසුගිය සතියේ කැලිෆෝනියා, සැන් ඩියෙගෝ වෙරළේ දිලිසෙන නිල් පැහැති රළ පෙළක් නිරීක්ෂණය වීමත් සමග බොහෝ පිරිස් එය නැරඹීමට පැමිණියහ.

ජලයේ වැඩෙන ‘ඇල්ගී’ (හරිතප්‍රද සහිත ශාක) වර්ගයක් නිසා රාත්‍රියේ දී ඉතා දිලිසෙන නියොන් නිල් පැහැති රළ පෙළක් වෙරළ තීරයට දිස් වේ. නමුත් පාවෙමින් තිබෙන මෙම ජලජ ශාක නිසා දහවල් කාලයේ දී මුහුද රතු පැහැයෙන් දැකගත හැකිය.

ලෝකයේ මෙවැනි සිද්ධීන් විරල නොවුව ද, සැන් ඩියෙගෝ වෙරළේ අවසන් වරට නිල් රළ පෙළක් දැක ගැනීමට හැකි වූයේ 2013 වර්ෂයේදීය.

මෙම දර්ශනය නරඹන සෑම වාරයක් පාසා එහි ඇති සුන්දරත්වය අත්විඳිය හැකිය.

Blue Sea Wavesමේ වගේ දෙයක් දකින්න ලැබීම ඉතා සතුටට කාරණයක් වුණත් ඉතා පුදුම සහගත ලෙස එම අවස්ථාව මඟ හැරෙන්න පුළුවන්” යැයි ඡායාරූපශිල්පී ජැක් ෆුස්කෝ පැවසීය.
Blue Sea Wavesඈතින් පෙනෙන නගරයේ පහන් එළිය අතරින් ඇදෙන නිල් පැහැති රළ පෙළ
Blue Sea Wavesවෙරළ තීරයට දිස් වුණ මෙම ගුප්ත රළ පෙළ ඡායාරූපගත කර ඇත්තේ ආචාර්ය උපාධිය සදහා සූදානම් වන අන්තොනෙල්ලා විල්බි
Blue Sea Wavesජැක් ෆුස්කෝ වෙරළ තීරයෙන් ඉහළ සිට මෙම ඡායාරූපය ගෙන ඇත. “ඔබේ ඇස් මෙයට පුරුදු වූවාට පසු, විවිධ නිල් පැහැයන් පෙනෙන්න පටන් ගන්නවා. එය ඔබ මෝහනයට පත් කරනවා,” ඔහු පැවසීය
Blue Sea Wavesඅන්තොනෙල්ලාගේ කැමරාවේ සටහන් වූ තවත් දසුනක්
Blue Sea Wavesසැන් ඩියෙගෝ වෙරළ එළිය කරන්නේ ‘ඇල්ගී’ පමණක් නොවේ. නිල් පැහැති රළ නැරඹීමට පැමිණි පිරිස නිසා වෙරළ තීරය මෙසේ දිස් විය. මෙම ඡායාරූපය ගත්තේ ජැක් ෆුස්කෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest