එෆ්-35 ලොව ‘වඩාත් දියුණුතම’ ප්‍රහාරක යානය සටන් බිමේ

ඊශ්‍රායලය F-35 ගුවන්යානා 50 ක් ඇණවුම් කරයි

ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ්-35 රහස් ප්‍රහාරක යානය ඊශ්‍රායල ගුවන් හමුදාව වෙනුවෙන් පියාසර කරමින් පළමුවරට ගුවන් මෙහෙයුමකට එක්විය.

ගුවන් හමුදාවේ ප්‍රධානියා බේරූට් සහ ලෙබනනයට ඉහළ අහසේ ජෙට් යානය පියාසර කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙන්වමින් කියා සිටියේ යානා “එකිනෙක වෙනස් පෙරමුණු දෙකකින් දැනටමත් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති” බවය.

ඊශ්‍රායලය මෑතකදී සිරියාව තුළ ගුවන් ප්‍රහාර ගණනාවක් සිදු කළේය.

එෆ්-35 ලොව මිල අධිකම හමුදා වැඩසටහන ලෙස සැලකෙන අතර එහි පිරිවැය සහ බලාපොරොත්තු වූ සාර්ථකත්වය විවේචනයට ලක් විය.

එවක ජනාධිපති අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එෆ්-35 යානා නිෂ්පදනය කිරීම සඳහා අධික මුදලක් වැය කිරීම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විවේචනයට ලක් කළේය.එවැනි එක් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 100 ආසන්න මුදලක් වැය වන බව පැවසුනි.

ඉහත කී ට්විටර් පණිවුඩය හේතුවෙන් පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්ට එෆ්-35 වැඩසටහන ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවිය.

bbc

‘තීරණාත්මක සටන්කරු’

රටවල් විස්සක ගුවන් හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊශ්‍රායලයේ පැවති හමුවකදී මේජර් ජෙනරල් අමිකම් නෝකිං කියා සිටියේ “අප එෆ්-35 යානා මැදපෙරදිග කලාපය පුරා පියාසර කරවනවා. එකිනෙක වෙනස් පෙරමුණු දෙකකින් දැනටමත් ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා,” යනුවෙනි.

කෙසේ නමුත් ඉලක්කයන් පිළිබඳ ඔහු නිශ්චිත සඳහනක් නොකළේය.

ඇමරිකාවෙන් පිටත තනි අසුනේ ප්‍රහාරක යානය අත්පත් කරගත් පළමු රට වන ඊශ්‍රායලය වෙත ඇණවුම් කරන ලද එෆ්-35 යානා පනහ අතරින් නවයක් ලැබී ඇත. එම සංඛ්‍යාව හැත්තෑ පහ දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

අත්පත් කර ගෙන සිටින ගෝලාන් කලාපයේ ඊශ්‍රායල හමුදා ඉලක්ක කරමින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන් මෑත සිරියාවේ සිදුකළ ගුවන් ප්‍රහාර මගින් ඉරාන හමුදා ගොඩනැගිලිවලට පහර දුන් බව ඊශ්‍රායලය කියා සිටී.

ඉරාන හමුදා සාමාජිකයන් සිය ගණනක් සිරියාවේ යොදවා සිටින අතර ඔවුන් සිරියානු හමුදාවට උපදෙස් ලබා දීම සඳහා එහි රඳවා ඇති බව ඉරානය පවසයි.

එමෙන්ම සිරියානු ආණ්ඩුවට සහාය දීම සඳහා ස්වේච්ඡා භටයන් දහස් ගණනක් ඉරානය විසින් සිරියාව වෙත යවනු ලැබ ඇත.

ඇමෙරිකාව අන් කිසිදු රටකට වඩා ඊශ්‍රායලය වෙත හමුදා ආධාර ලබාදී ඇත.එය වසරකට ඩොලර් බිලියන හතරක් පමණ වන බවට ගණන් බලා ඇත.

ආයුධ අලෙවිය සම්බන්ධයෙන් පවතින ඇමරිකානු නීති අනුව ඊශ්‍රායලය මැදපෙරදිග කලාපය තුළ ඉහළම හමුදා බලයක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

නිෂ්පාදන සමාගම පවසන පරිදි එෆ්-35 ඉතා දියුණු ප්‍රහාරක යානාවක් වන්නේ කෙසේද?

ReutersImage copyrightREUTERS
Image captionයානය මුල් වරට පියාසර කළේ 2006 වසරේදී
  • ලොක්හීඩ් මාර්ටින් සමාගම විසින් වැඩිදියුණු කරන ලද යානය මුල් වරට පියාසර කළේ 2006 වසරේදීය. ඇමරිකානු ගුවන් හමුදාව, මැරීන් සහ නාවික හමුදාව සඳහා එය නිර්මාණය කර ඇත.
  • චල්‍යතා තුන: සාම්ප්‍රදායික ගුවන්ගත වීම, කෙටි ගුවන්ගතවීම සහ සිරස් ගොඩබැසීම සහ කැටපොළයක් ආකාරයෙන් ක්‍රියාත්මකව ගුවන්ගතවීම.
  • රහස් බව එහි සුවිශේෂම ලක්ෂණයයි. එහි ආකෘතිය සහ සැළසුම් අමුද්‍රව්‍ය රේඩාර්වලට හසුවීමකින් තොරව පිවිසීමේ හැකියාව නියමුවන්ට හිමිවේ.
  • සතුරු ගුවන්යානා තමන් දැකීමට පළමු ක්‍රියාත්මකවීම සඳහා උපකරණ එහි සවිකර ඇත. ඒ අනුව ප්‍රහාර එල්ලකිරීම සඳහා අදාල ඉලක්කවෙත යානය එක එල්ලේ යොමුව තිබීම අනවශ්‍යය.
  • යානයේ ඇති සංවේදකයන්, සංනිවේදන උපකරණ සහ ඉලෙක්ට්‍රොනික ශිල්පක්‍රම යානයේ අගය ඉහළ නංවයි. එහි දත්ත ක්ෂණිකව මූලස්ථානය සමග හුවමාරු කරගැනීමද, සතුරු ගුවන් යානා ගමන් මාර්ග නිරීක්ෂණය කිරීමේ හැකියාවද, රේඩාර් පද්ධති අවහිර කිරීමේ සහ වැළක්වීමේ හැකියාවද ඊට ඇතුළත්ය.

එෆ්-35 “තීරණාත්මක සාධකයක්” ලෙස ඊශ්‍රායලය වර්ණනා කරයි.

මෙය යානා යොදාගත් මුල්ම අවස්ථාව විය නොහැකිය. එහි හමුදා තමන්ගේ මෙහෙයුම් සම්බන්ධයෙන් නිහඬ බවක් අනුගමනය කරන අතර, යානය මෙහෙයුම් සඳහා පසුගිය වසරේ (2017) ජනවාරි මස යොදාගත් බවට වාර්තා ඇත.

නිසැක වශයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ව්‍යාපෘතිය කෙරෙහි බොහෝ විශ්වාසය තබා ඇති අතර 2070 දක්වා පවත්වාගෙන යාමට අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest