එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි

එවරස්ට් කඳු මුදුන තරණය කල දෙවන ශ්‍රී ලාංකිකයා බවට ජොහාන් පීරීස් පත්වුණා. ඔහු අද අලුයම නේපාල වේලාවෙන් 5 යි 55 ට එවරස්ට් කඳු මුදුනට ලගා වූ බව සඳහන්. 2016 වසරේදී එවරස්ට් තරණය කල පළමු ශ්‍රී ලාංකිකයා බවට ජයන්ති කුරුඋතුම්පාල සමත් වුණා. එම ප්‍රයත්නයට ජොහාන් පීරීස්ද එක්ව සිටි අතර එහිදී ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වූයේ එවරස්ට් මුදුනට මීටර් 400 ක් ඉතිරිව තිබියදී ඔක්සිජන් වායුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

මේ අනුව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වනවිට එවරස්ට් කඳු මුදුන තරණය කර තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest