අද රෑ සිට බස් ගාස්තුව 12.5ක් කරන්න කැබිනට් අනුමැතිය-අවම ගාස්තුව රුපියල් 12යි

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අදාළ සංශෝධනය අද උදෑසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇති බවත් වසර දෙකක කාලයක් යන තුරු කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා  පැවසීය.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙනු ලැබීය.

එහෙත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ අතර ඒ අනුව සියයට 12යි දශම 5ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර තිබිණි.

ඒ අනුව රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බස් ගාස්තු සියයට 12යි දශම 5කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහළ නැවීමට ද අනුමැතිය හිමිව ඇති බව සඳහන් වෙයි.

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එහිදී ඊට අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ අතර ලංකා ගමනා මගන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක වන නව ගාස්තු සංශෝධන ඇතුළත් නිවේදනය අද ජාතික ගමනා ගමන කොමිසම් සභාව විසින් අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගාස්තු ද සංශෝධනය වී ඇති අතර අධිවේගී මාර්ගයේ මහරගම – ගාල්ල අතර ගාස්තුව රුපියල් 450ක් වෙයි.

මහරගම – මාතර රුපියල් 560ක්, කඩුවෙල – මාතර රුපියල් 580ක්, කොළඹ – තංගල්ල රුපියල් 740ක්, කොළඹ – හක්මන රුපියල් 580ක්, කොළඹ – වීරකැටිය රුපියල් 770ක්, කොළඹ – කතරගම රුපියල් 1013ක්, කොළඹ – දෙනියාය රුපියල් 750ක්, කොළඹ – මාතර රුපියල් 600ක්, කොළඹ – ඇඹිලිපිටිය රුලපියල් 900ක් ලෙස නව ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනා නගම කොමිසම් සභාව සඳහන් කළේය.

මීට අමතරව කඩවත – ගාල්ල රුපියල් 490ක්, කඩවත – මාතර රුපියල් 600ක්, කඩුවෙල – ගාල්ල රුපියල් 470ක් ලෙස නව ගාස්තු සංශෝධනය සිදු කර තිබේ.

සියලුම සංශෝධිත බස් ගාස්තු පහලින් දැක්වෙයි

[pdf-embedder url=”https://www.radicalsrilanka.com/wp-content/uploads/2018/05/379871474-බස-ගාස-තු-සංශෝධනය-2018.pdf”]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest